ඉසෙඩ් ඩී ඇළට වැටුණු අලි පැටවෙක් බේරා ගනී


(නිමල් ජයරත්න)

මාදුරුඔය ඉසෙඩ්.ඩී  ප‍්‍රධාන ඇළට  අද(21)   අලූයම අරලගංවිල වීරාන ප‍්‍රදේශයේදි වැටි සිටි වන අලියෙකු මැදගම ප‍්‍රදේශයෙන් ගොඩට ගෙන අලූත්වැව රක්ෂිතයට පලවා හැරිමට කටයුතු කළ බව වෙහෙරගල වනජිවි නිලධාරින් පවසති.
 
ඒ අනුව සතියක් ඇතුළත ඉසඩ්.ඞී. ඇළට වැටි ගොඩගත් තුන්වන අලියා මෙය බව වෙහෙරගල වන සත්ව අඩවි ආරක්ෂක යූ.ඞී.ජේ.පි.එම්.ආරියසිංහ මහතා පැවසීය.
 
 ඇළට වැටුණු මෙම අලියා කිලෝ මිටර් හයක් පමණ දුරට සැඩ පහරට හසුව ගසාගෙන ගිය අතර අනතුරුව වෙහෙරගල වනජිවි නිලධාරින් සහ ප‍්‍රදේශවාසින් එක්ව මහත් පරිශ‍්‍රමයක් යොදා ගොඩට ගැනිමට හැකි වු බවද ආරියසිංහ මහතා සදහන් කලේය.
 
මේ දිනවල පවතින දැඩි නියගයත් සමග මාදුරුඳඔය රක්ෂිතයේ සිටින වන අලි ආහාර හා ජලය සොයා ගම්බිම් වදින අතර එලෙස පැමිණෙන වන අලින් ඉසඞ්.ඞී ඇලෙන් ජලය බිමට උත්සහ දැරිමත් සමග පැති කොන්ක‍්‍රිට් බැමිමෙන් අලින් ලෙස්සා ඇළට වැටිම නිරන්තරව සිදුවන බවද ඔහු සදහන්  කළේය.