උඩප්පුවට ගම්වැදුණු අලියා වගා වනසයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ඔගස්ටින් ප්‍රනාන්දු)

උඩප්පුව ගම්මානයට කඩා වැදුන වල් අලියකු වනජීවි හා පොලිස් නිළධාරින් සමග පලවා හැරිමට එක්වු තරුණයකු වල් අලියා පහර දීමේන් බරපතල තුවාල ලබා  හලාවත මහ රෝහලට ඇතුළත් කර වැඩදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ  බව උඩප්පුව පොලිසිය පවසයි.

මෙසේ වල් අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ආනවිළුන්දාව ප්‍රදේශයේ පදිංචි කේ.පි.සාලිය චතුරංග නැමති 26 හැවිරිදි තරුණයකී .

වල් අලි ප්‍රහාරයට ලක්වු තරුණයා කලක් ආනවිළුන්දාව වනජිවි කාර්යාලයට අනුයුක්තව දෛනික පදනමට සේවය කර තිබු බවද කියයි.

13 දින රාත්‍රියේ මෙම වල් අලි ප්‍රහාරයට ලක්වු තරුණයා වනජීවි නිළධාරින් පිරිසක් සමග පලවා හැරිම් වල නිරත වෙමින් සිටියදි තරුණයා ගමන් ගත් බෝලරෝ වර්ගයේ කැබ් රථයට වල් අලියා දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇති බව .

එම පහර දීමේන් තරුණයා බරපතල තුවාල ලබා ඇති බවද කියයි.ඒ සමගම අදාල තරුණයා වනජිවි නිළධාරින් විසින් කඩිනමින් උඩප්පුව රෝහලට ඇතුලත් කර තිබුනී.

මෙම වල් අලියා 12 දින උඩප්පුව ගම්මානයට කඩා වැදි තිබුනී.

එසේ කඩා වැදුන වල් අලියා දින දෙකකට ආසන්න කාලයක් රැදි සිටිමින් ගම භිතියට පත් කරමින් ඇතත් වනජීවි නිළධාරින් හා පොලිස් නිළධාරින්ට පළවා හැරිමට නොහැකි වි ඇති බව කියයි.

උඩප්පුව ගම්මානයට 12 දින සවස වල් අලි තුන් දෙනෙකු කඩා වැදි ඇති අතර එයින් දෙදෙනකු ආපසු ගොස් ඇති බවත් එසේ නොගිය වල් අලියා ගම්මානයේ සැරිසරමින් සිටින බව උඩප්පුව පොලිසිය කියයි.

වල් අලියාට ජනතාව රතිඤ්ඤා දමමින් කෑකෝ ගසමින් හු තබමින් සිටිමත් සමග අලියා කුලප්පු වි ඇති බව වනජිවි නිළධාරින් පවසයි.

ජනතාව පවසන්නේ ආපසු නොයන වල් අලියා මේ වන විට උඩප්පුවේ වගාබිම් වල වගාවන් වනසමින් ඇති බවයි.

පවතින කොරෝනා තත්වය තිබියදි ජනතාව අලියා බැලිමටත් පලවා හැරිමටත් පොරකමින් සිටින අයුරු දැක ගත හැකි විනි.

වනජීවි නිළධාරින් පවසා සිටියේ මේ වන විට වල් අලියා උඩප්පුව ගම්මානයෙන් පිටව ගොස් ඇති බවත් අලියා සොයමින් නැවතත් මෙහෙයුම් කරන බවද කියයි.