උඩරට දුම්රිය මාර්ගයේ පාලම අලුත්වැඩියාවට සති තුනක්


(රංජිත් රාජපක්‍ෂ )
 
උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර අඩි හැටේ පාලම මතදි ඉකුත් (13) වැනි දා රාති‍්‍ර තැපැල් දුම්රියේ මැදිරි හතරක් පීලිපැනිමෙන් අලාභ හානි වු අඩි හැටේ පාලමේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු කුඩා දුම්රිය දොඹකරයක සහයෝගය ලබා ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු පාලම් ප‍්‍රධාන ඉංජිනේරු රංජිත් විජේසිරි පැවසීය.

යකඩ තාක්ෂණය අඩු කාලයකදි මෙම පාලම ඉදිකර ඇති බවත් වර්තමානයේ වැඩි බරකින් යුත් දුම්රිය එන්ජින් ධාවනයට එක්කර තිබිම නිසා  පාලම වෙනුවට නව යකඩ පාලමක් සවිකිරිම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු අවධානය යොමුවී ඇති බවයි.  

අලාභ හානි වු මෙම පාලම සති තුනක් ඇතුළත අලුත්වැඩියා කර උඩරට දුම්රිය ගමනාගමනය යළි යථා තත්ත්වයට පත් කිරිමට සැලසුම් කර තිබුනද තම සේවකයන්ගේ කාර්යක්ෂම සේවය හමුවේ පාලම ප‍්‍රතිසංස්කරණය කර අවසන් කිරිමට සැලසුම් කළ කාලයට වඩා කඩිනමින් දුමිරිය මාර්ගය යථාතත්ත්වයට පත් කිරිම තම අපේක්‍ෂාව බව  රංජිත් විජේසිරි සඳහන් කළේය.