උඩුබද්දාවට නව ප්‍රා. ලේ. කාර්යාල සංකීර්ණයක්


චතුර එස් .කොඩිකාර

රුපියල්  ලක්ෂ  310ක  වියදමින්  ඉදිකළ උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  තෙමහල්  ගොඩනැගිල්ල විවෘත කිරීම අද (12) අගමැති  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
 
එම  අවස්ථාවට   ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර  අබේවර්ධන, වයඹ  පලාත් ආණ්ඩුකාර  අමරා පියසීලි  , පාර්ලිමේන්තු  මන්ත්‍රී  නලින්  බණ්ඩාර යන මහත්ම  මහත්මීන්  ඇතුළු පිරිසක් සහභාගි විය.