උතුර-දකුණ ඒකාබද්ධ කිරිමේ සාම චාරිකාවන් වවුනියාවෙන් අරඹයි



 
රොමේෂ් මධුෂංඛ


සර්ව ආගමික බැතිමතුන්ගෙන් සැදුම්ලත් උතුර දකුණ ඒකාබද්ධ කිරීමේ සාම චාරිකාවක් අද (26) උදෑසන වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ සිට දකුණ බලා නැවත පිටත් විය.


දකුණේ සිට ඊයේ රාත්‍රීයේ ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් ද සමගින් රථ පෙරහරක් සමගින් සාම චාරිකාව වව්නියාවට පැමිණි අවස්ථාවේදී  පිළිගනු ලැබුවේ වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් වූ අතර පසුව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ දී සර්ව ආගමික නායකයින් සමඟ සාම සාකච්ඡාවක් පැවත්විණි.


සාම චාරිකාව පිළිබඳව මාධ්‍යට අදහස් දක්වමින් කෑගල්ලේ පංඥාරාම මහාධිකරණ නායක හිමියන් කියා සිටියේ,


‘දකුණේ ජනතාව උතුරේ ජනතාව ගැනත් උතුරේ ජනතාව දකුණේ ජනතාව ගැනත් සැක සංකා තවදුරටත් නොනිමි පවතිනවා ඒ නිසා අපිට වුවමනයි මේ උතුරයි දකුණයි කියන්නේ රටවල් දෙකක් නොවෙයි එකම ලංකාවක පළාත් දෙකක එකම පුරවැසියන් කියල පෙන්වන්න මේ රටේ සිටින සියලු දෙනාගේම සැක සංකා තුරන් කරලා ස්ථීරසාර සාමයක් උදාකිරීමට අවශ්‍ය නිසා තමයි අපි මේ මෙහෙයුම සාම මෙහෙයුමක් වශයෙන් සිදු කරනු ලබන්නේ.


‘මේ සාම මෙහෙයුම සඳහා විශේෂයෙන්ම රජයේ අනුග්‍රහය මෙන්ම දකුණු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ යන අයගේ පූර්ණ මැදිහත් වීමෙනි.