උතුරු මැද පළාත් කලා උලෙළට දේශපාලකයින් නෑ


(මනුල වික්‍රම)

සෑම වසරක් පාසාම අඛණ්ඩව පැවැති දිවයිනේ එකම පළාත් කලා උලෙළ වන උතුරු මැද පළාත් කලා උලෙළ 30 වන වරට අද (19) පෙරවරුවේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ දි ආරම්භ විය.

දේශපාලන නායකයින්ගෙන් තොරව නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම මෙවර එහි තවත් විශේෂත්වයක් විය. ප්‍රදර්ශන කුටි රැසකින් හා වේදිකාගත ඉදිරිපත් කිරීම් රැසකින් සමන්විත කලා උලෙළ හෙට (20) පස්වරුවේ සමාප්ත වේ.

උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යංශ ලේකම් එච්.එම්. තිලක බණ්ඩාර මහතා සමඟ කලාකරුවෝ සමාරම්භක මොහොතට එක්ව සිටියහ.