උතුරේ ආරක්‍ෂකසේනා මූලස්ථානවල යුද ජය සැමරේ


රොමේෂ් මධුෂංක

තිස් වසරක පැවති යුද්ධය නිමා කර 9 වැනි වසර අදට (18) පිරීම නිමිත්තෙන් උතුරේ සියලුම ආරක්ෂක සේනා මූලස්ථානයන්හි යුද ජය සැමරීම සිදු කරනු ලැබීය.


උතුරේ පිහිටි සෑම ආරක්ෂක සේනා මූලස්ථානයකම සේනාංකයකම මෙන්ම බලසේනාවන්හි මෙම 9 වැනි වසරේ යුද ජය සැමරීමේ කටයුතු සිදු වුණේ ආඥාපතිවරුන්, සේනංකාධිපතිවරුන් හා බලසේනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙනි.


මේ අතර වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේද යුද සැමරුමක් පැවති අතර එය වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණී.