උතුරේ නීතිඥවරු වැඩවරති - විරෝධය පාති


(රොමේෂ් මධුෂංඛ/ සිතුම් චතුරංග)

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලින් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීමට විරෝධය පා අද (24) උතුරු පළාතේ සියලුම අධිකරණවල නීතිඥවරු අධිකරණ කටයුතු වලින් ඉවත් වූහ.

වව්නියාව අධිකරණයේ සියලුම නීතිඥවරු වෙඩිතැබීමේ සිද්ධියට විරෝධය පා මුහුණ කළු රෙදිකඩකින් වසා අධිකරණය ඉදිරියට පැමිණ විරෝධය පාමින් සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටියහ.