උතුරේ වැසියන්ට ඡන්දයේ වටිනාකම කියා දෙයි


(රොමේෂ් මධුෂංඛ)

එලඹෙන මැතිවරණයන්හි ඡන්ද අයිතියේ වටිනාකම පිළිබඳව උතුරේ වැසියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (12) වව්නියාව නගරයේ දී සංවිධානය කොට තිබුණි.

වව්නියාව මැතිවරණ කොමසාරිස් කාර්යාලය මගින් ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් සංවිධානය කොට තිබූ අතර පාගමනින වව්නියාව බස්නැවතුම්පලින් ආරම්භ වී වෛරව පුලියන්කුලම් ප්‍රදේශයෙන් අවසන් වූ අතර පාගමනින් පසුව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක්ද පැවත්විණි.

පාගමන වව්නියාව දිසාපති එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් හා පාසල් සිසුන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

පා ගමන මගින් ජනතාව දැනුවත් කර සිටියේ පළමුව ඡන්ද අයිතිය ලබා ගැනීම අනතුරුව තම වටිනා ඡන්දය පාවිච්චි කිරීමේදී අනුගමනය කළ යුතු කරුණු හා ඡන්දයේ ඇති වටිනාකම පිළිබඳවයි.