උපවාසයට සහාය දක්වමින් අන්තරේ විරෝධයක


(ඉෂාන් සංජීව / රේඛා තරංගනී ෆොන්සේකා / සෙනරත් බණ්ඩාර)

වෛද්‍ය සිසුන්ගේ දෙමාපිය සංසදය විසින් සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹදී ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයට සහයෝගය දැක්වීම සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද(7) කොළඹ දන්ත වෛද්‍යායතනය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

එහිදි විරෝධතාකරුවෝ පඹයකු පුළුස්සමින් විරෝධතාවයේ යෙදුණහ.

දෙමාපිය ජීවිත බිලි නොගෙන සයිටම් වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් මොරටුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය  ද නිහඬ උද්ඝෝෂණයක් පැවැත්වීය.

සයිටම් සම්බන්ධයෙන් නිවරැදි සාධාරණ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිට මහනුවර දක්වා විරෝධතා පා ගමනක නිරතවූහ

(ඉෂාන් සංජීව)

(මොරටුව - රේඛා තරංගනී ෆොන්සේකා)

(පේරාදෙණිය-සෙනරත් බණ්ඩාර)