උමා ඔය විපතට පත් ජනතාව සහන ඉල්ලා උද්ඝෝෂණයක්


(ප්‍රසාද් රුක්මාල්)
 
උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව  බණ්ඩාරවෙල , වැලිමඩ , ඌවපරණගම, ඇල්ල, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල  විපතට  පත් ජනතාව සහන ලෙස ඉල්ලා අද (11) බදුල්ල නගරයේ දී උද්ඝෝෂණයක් ඇරඹුහ.

උමා ඔය බහු විනාශකාරි ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ මෙම උද්ඝෝෂණය සංවිධානය කර  ඇත.