ඌව පළාත් වප් මගුල් උත්සවය හාලිඇලදී


(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)

ඌව පළාතේ මහ කන්නයේ වී වගාවට වෙල්යායවල් අස්වැද්දීම නිමිත්තෙන් පැවැත්වු පළාත් වප් මගුල්  උත්සවය හාලිඇල මැද්දේගොඩ වෙල්යායේදී (14) උදේ පැවැත්විණි.

ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුලු නිලධාරීන්ගේ සංවිධානයෙන් උත්සවය සංවිධාන කර තිබිණි.

වෙල්යායේ ගොවීන්, මී ගවයින් හා අත්ට්‍රැක්ටර් යන්ත්‍ර යොදාගනිමින් අක්කර 3ක 4ක සීසෑම සිදු
කෙරිණි.

මේ අවස්ථාව දැක බලා ගැනීමට ප්‍රදේශයේ ජනතාවද පැමිණ සිටියහ.