ඌව මහ ඇමැතිට එරෙහිව තංගල්ලෙන් විරෝධය


චන්ද්‍රසේන  ගමගේ
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි භවාණි රඝුනාත් මහත්මිය දණගැස්වී යැයි  චෝදනා ලැබූ ඌව පලාත් සභාවේ මහ ඇමැති චාමර සම්පත් දසනායකට විරෝධය පාමින් අද (24) පස්වරුවේ තංගල්ල නගරයේ දී විරෝධතාවයක් පැවැත්විණි. 
 
ලංකා ගුරු සේවා සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් ශාඛාව සංවිධානය කොට තිබූ මෙම විරෝධතාවය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් රැසක ගුරුවරුන් රැසක් සම්බන්ධ වි සිටියහ.

විරෝධතාකරුවන් පැවසුවේ ඌව පළාත් මහ ඇමැතිට විරුද්ධව ඉක්මන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන අසාධාරණයට පත්වූ විදුහල්පතිනියට සාධාරණයක් කර දීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවයි.