ඌව සරසවිය ශ්‍රී ලංකාවේ සකුරා මල් වැඩීම පිළිබඳ කළ පර්යේෂණය මල්පල ගැන්වෙයි


(එෆ්.අස්ලම්)

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය මෙරට සහ කදුකර  ප්‍රදේශවල සකුරා මල් ගස් වැඩීමේ සාර්ථකත්වය පිළිබද සිදුකරන ලද පර්යේෂණය සාර්ථක වී ඇතැයි එම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

මෙම පර්යේෂණයට අනුව කරන ලද අත්හදා බැලීම මල්පල ගැන්වී ඇතැයිද උපකුලපතිවරයා පැවසීය.

ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ උපකුලපතිවරයා මෙසේද කීය.

අපි පර්යේෂණාත්මක විදිහට 2018 මාර්තු මාසයේ දී සකුරා මල් පැල දෙකක් හිටෙව්වා. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ.මෙම පර්යේෂණය සිදුකළේ ජපානයේ සිටින ශ්‍රීලාංකික  මහාචාර්‍ය ආනන්ද කුමාර මහතා සහ අපේ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තුසිත කුමාර මහතා.මේ ප්‍රදේශයත් ශ්‍රීලංකාවත් සකුරා මල්වැඩීමට සුදුසු පාරිසරිකත්වයක් තියෙනව  කියලා මේ පර්යේෂණයෙන් හෙලිවෙලා තියෙනවා.අපි විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිටවූ සකුරා මල් පැල අද වන විට මල්පැල ගැන්වී බදුල්ල වැනි ප්‍රදේශවල දේශගුණය වඩාත් යෝග්‍ය බව පෙන්වා  තිබෙනවා.