එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි


එක්සත් ජාතික පක්ෂයේ මහමැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී එළිදැක්විණි.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එළිදැක්වීම මුලින් සිදුකෙරුණු අතර ඉන් අනතුරුව මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන් වෙත ප්‍රතිපත්ති මාලාව පිළිගැන්වීම සිදුකෙරිණි.
 
(ඡායාරූප - ඉෂාන් සංජීව)