එන්.එම්.පෙරේරා පිළිරුවට පුෂ්පෝපහාර


(ඡායාරූප - ශාන්ත රත්නායක)

අදට යෙදී ඇති ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නායක හා මුදල් අමාත්‍යවරකු වූ දිවංගත ආචාර්ය ඇන් .ඇම් .පෙරේරා මහතාගේ 112 වන ජන්ම නිමිත්තෙන් ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් සිදුකෙරිණි.

ලංකා සමසමාජ හා ආචාර්ය ඇන් .ඇම් .පෙරේරා කේන්ද්‍රය සංවිධානය කළ එම පුෂ්පෝපහාර දැක්වීම රාජගිරිය -ආයුර්වේදය මංසන්ධියේ පිහිටි ඇන් .ඇම් .පෙරේරා ප්‍රතිමාව අභියසදී පැවැත්වුණු අතර ලංකා සමසමාජ පක්ෂයේ ලේකම් තිස්ස විතාරන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා වාසුදේව නානායක්කාර මහතා  ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.