එළුවන්කුලම සපත්තු පාලම පුපුරායාම නිසා ගමනාගමනය නවතා දමයි


(  එච්. චන්දන )

 පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ එළුවන්කුළම  සපත්තු පාලම  පුපුරා යාම නිසා  එම මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම  නවතා දමා ඇතැයි පුත්තලම වාරිමාර්ග කාර්යාලය කියයි.

කළාඔය හරස් කර එළුවන්කුළම ප්‍රදේශයේ  වගා කටයුතු වලට හා පුත්තලම නගරයට ජලය රැගෙන ඒම සදහා මෙම කොස්වේ (සපත්තු පාලම ) ඉදිකොට ඇත.
 
පුත්තලම වාරිමාර්ග දෙපාර්තුමේන්තුවට අයත්  එළුවන්කුළම සපත්තු  පාලම යටින්  මීට මාස ගණනාවකට පෙර භූගත ජල කාන්දුවක් නිසා වාහන ගමනා ගමනය  නතර කර තිබූණි. 
 
ඉකුත්  දින වලදී  එම සපත්තු පාලම  පුපුරායාම  තත්වය තිවුර වූ බවත්  එම නිසා පාලමට සිදු වන හානිය අවම කිරීමට වහාන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම නතර කර දැමු බවත් මෙහි ප්‍රතිසංස්කරණ කටයතු මේ දිනවල සිදු කරණ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටිආරච්චි මහතා  පවසයි.
 
 මෙම මාර්ගය වසා දැමීම නිසා මාස තුනකට පසුව විවෘත කල  විල්පත්තු ජාතික වනෝද්‍යානය නැරඹීමට යාමට එළුවන්කුළම පිවිසුම අසට පැමිණි සංචාරකයින් , හෝටල් වලට පැමිණ නවාතැන් ගෙන සිටි  විශාල පිරිසක්  වෙනත් ප්‍රදේශවලින් විල්පත්තු වනෝද්‍යානයට පිටත් කර යැවු  බව  තම්බපණ්නී විල්පත්තු සපාරි සංගමයේ  ලේකම් සුරාජ් ගුණවර්ධණ මහතා පවසයි.