ඒකාබද්ද විපක්ෂයෙන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක්


රොමේෂ් ධනුෂ්ක සිල්වා  
 
 යහපාලන ආණ්ඩුව බලයට පත්වී අද (18) ට දෙවසරක කාලයක් ගතවීම නිමිත්තෙන් එයට විරෝධය පාමින් ඒකාබද්ද විපක්ෂය සංවිධානය කළ උද්ගෝෂණයක් කොළඹ පුරහල ලිප්ටන් වටරවුමේදී   පැවැත්විණ.
 
ගොවි සහන වහාදියව් ,හම්බන්තොට චීනෙට නොදෙව් අදී සටන් පාඨ මුල් කරගනිමින් මෙය පැවැත්වූ අතර ඒකාබද්ද විපක්ෂයේ නායක පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ,  විමල් වීරවංශ , බන්දුල ගුණවර්ධන , ඩලස් අලහප්පෙරුම , කුමාර වෙල්ගම ,ප්‍රසන්න රණතුංග , නාමල් රාජපක්‍ෂ , ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පවිත්‍රා වන්නිආරච්චි යන මන්ත්‍රීවරු ද පැමිණ සිටියහ.