ඒකාබද්ධයේ විරෝධයෙන් පාර්ලිමේන්තු පාර වැසේ


(ඉෂාන් සංජීව, ජයමාල් චන්ද්‍රසිරි)

නව ව්‍යවස්ථා කෙටුම්පතට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය අද(30) ආරම්භ කළ විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු පාර වසා දමා ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු පාරේ උද්ඝෝෂණයක නිරත වෙති.

සිය නියෝජ්‍ය ඇමැති ධූරයෙන් ඊයේ(29) ඉවත් කෙරුණු දුලිප් විජේසේකර මහතා ද එම උද්ඝෝෂණයට එක්ව සිටියේය.