ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලිය විදි සංචාරය අරඹයි


මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහර අද (22) රාත්‍රී 6.44ට යෙදුණ සුබ මොහොතින් වීදි සංචාරය කෙරිණි.
එහිදී සධාතුක කරඬුව වැඩම කරවූයේ නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා වන අතර  දළඳා මාළිගා ඇත් පන්තියේ ඉන්දිරාජා සහ කතරගම මහා දේවාලයේ කතරගම වාසනා හස්තීන්  දෑලේ ගමන් කළහ.

පෙරහර නර්තනාංග රැසකින් වර්ණවත්ව තිබිණි.

මෙවර කොවිඩ් වසංගත තත්වය නිසා පෙරහැර මහජනතාවට නැරඹීමට විවෘත නොවූ අතර ඒ හේතුවෙන් පෙරහැර ගමන් මාර්ගය පාළු ස්වභාවයක් ගෙන තිබිණි.

ඡායාරූපය - ජේ.ඒ.එල් ජයසිංහ සහ  ෂේන් සෙනෙවිරත්න