කඩාවැටුණු ගොඩනැඟිල්ලට යටවූ තැනැත්තා බේරාගනී


(අමල් වික්‍රමරත්න, සිරංගිකා ලොකුකරවිට)

අහංගම, කතලුවේ දි  කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන් බුන් අතර සිරවී සිටි එක් පුද්ගලයෙක් මහත් පරිශ්‍රමයක් දරා අද දහවල් වනවිට බේරාගත් බව අහංගම පොලිසිය පවසයි.

ආපදා කළමනාකරණ ඒකකය, ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය, යුධ හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මොහු බේරා ගැනීමේ මෙහෙයුම සිදු කර ඇත. 

කඩා වැටුණු සුන්බුන් ඉවත් කර ඔහු බේරා ගැනීමට පැය කිහිපයක් ගත වූ බැවින් එම ස්ථානයට පැමිණි 1990 හදිසි ගිලන් රථ සේවයේ හෙදියන් ඔහු සිරවී සිටියදීම මූලික ප්‍රථමාධාර ලබාදීමට කටයුතු කර තිබිණි. මෙම අනතුරින් ඔහු ඇතුළු හත්දෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනුයේ අවිධිමත් ලෙස ඉදිකිරීම හේතුවෙන් මෙලෙස එම ගොඩනැගිල්ල කඩා වැටී ඇති බවයි. 

(ඡායාරූප - අමල් වික්‍රමරත්න)