කඩුවෙල - බියගම පාලමට ඉහලින් පිවිසුමක්



ඡායාරූප - ළහිරු හර්ෂණ


වැසි සහිත කාලගුණ තත්වය නිසා හානියට ලක්වූ කඩුවෙල බියගම පාලමේ හානියට පත්වූ කොටසට ඉහළින් තාවකාලික පාලමක් සාදා වාහන ගමන් කරවීම ආරම්භ කර තිබේ. 


ඊයේ (24) රාත්‍රියේ සිට වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දමා තිබූ අතර ආරක්ෂක අංශ හා මාර්ග සංවර්ධන අධිකාරය එක්ව කඩිනමින්  මෙය පිළිසකර කර ඇත.