කණිෂ්ඨ ශිෂ්‍ය භට පුහුණු කඳවුර ගම්පහදී


ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව පළාත් මට්ටමින් සංවිධානය කරනු ලබන පළමු පළාත් ශිෂ්‍යභට පුහුණු කඳවුර අද  ගම්පහ සියනෑ විද්‍යාපීඨ පරිශ්‍රයේදී ආරම්භ විය.

බස්නාහිර පළාතට අයත් පාසල් කණිෂ්ඨ ශිෂ්‍යභට බාලක බාළිකාවන් 500ක් පමණ මෙම පුහුණු කඳවුරට සහභාගිවී වී සිටිති. මෙවැනි කඳවුරක් රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයෙන් බැහැරව පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමුවතාවට බව ශිෂ්‍ය භට බළකාය කියයි. පුහුණුවෙන් පසු ජාතික කඳවුරට සහභාගිවීමට නොහැකි වූ ශිෂ්‍යභට බාළක බාළිකාවන්ට මෙම කඳවුරට සහභාගිවීමට අවස්ථාව හිමිවී ඇත.