කණු කන්දෙන් ආරක්ෂා වෙන්න යුද හමුදාවෙන් වේල්ලක්


(චිත්මි චේතාරි)
මීතොටමුල්ල කුණු කන්ද තවදුරටත් කඩාගෙන ඒම වැළැක්වීමට යුද හමුදාව පස් යොදා ගනිමින් ශක්තිමත් වේල්ලක් ඉදි කිරීමට පියවරගෙන ඇත. නාය ගිය නිවාස ආසන්නයේ එම වේල්ල ඉදිකර ඇත්තේ ඉදිරි ආරක්ෂක පියවරක් ලෙසිනි. ජපානයේ සිට පැමිණි විශේෂ කණ්ඩායමද එම ප්‍රදේශයට ගොස් නිරීක්ෂණය කළේය.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ද මේ වන විට විසන්ධි වූ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදමින් සිටියි.  සිංහල අලුත් අවුරුද්දා  සවස කන්ද නාය යාමෙන් නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වූ අතර මියගිය ගණන 33 ක් යයි නිල වශයෙන් කියැවිණ. තවත් පිරිසක් අතුරුදහන්ව සිටිති.