කතරගම දේවාලයේ අතු පන්දලම අලුත් වෙයි


(කේ ඩි දේවපි‍්‍රය )

කතරගම දේවාලයේ  පෙරහර දින 05 ක්  විදි සංචාරය කිරීමෙන් පසුව එළැඹෙන 06 වැනි දින වු අද (18) දේවාලය  ඉදිරිපිට ඇති  කොළ අතු පන්දළම නව කොළ අතු දමා  සකස් කරනු ලැබීය. දුටු ගැමුණු රජ දවසේ පටන් අඛණ්ඩව සෑම ඇසළ පෙරහර  සමයක දීම අලූත් කිරීම සිදුවේ.  

පෙරහැර දින 05 ක් ගිය පසු මෙම අතු පන්දළම තුළ ඇති පැරණි අතු දඬු ඉවත් කරන අතර, මාදම්  කොළ අතු දඬු දමා අලූතින් සකස් කරනු ලබන්නේ පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන්ගේ  උපකාර ඇතිවය.

මෙම කොළ අතු රැගෙන විත් බස්නායක නිළමැදුරේ ගොමමැටි ගෑ බිමේ දුටුගැමුණු රජතුමාට, හිටපු නිළමේ වරුන්ට පිං පැමිණවීමට පවත්වනු ලබන දානමය පිංකම අවසන් වීමෙන් පසු මෙම අතු පන්දළම සකස් කරනු ලබයි. මෙසේ අලූත් කරනු ලබන අතු පන්දළම නැවත අලූතින් සකස් කරනු ලබන්නේ ලබන වර්ෂයේ දී ඇසළ මංගල්‍යය  පැමිණි විට දී පමණි .

මේ අනුව අද (18) වැනි දින  2018 ඇසළ මංගල්‍යයට සමගාමීව අතු පන්දළම අලුත් කිරීම සිදු කරනු ලැබීය.

මෙම අතු පන්දළම මේ අයුරින් සකස් කරනු ලබන්නේ අතීතයේ දී එක් සිදුවීමක් සනිටුවහන් කිරීමට බව කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන සොමිපාල ටී රත්නායක මහතා පවසයි.