කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ඇරඹෙයි



 
කේ ඩී දේවපි‍්‍රය 
 
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍යය අද (13) අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.  


ඇසළ මංගල්‍ය ඇරඹීමට  පෙර පුජා භුමියේ ඇති මුස්ලිම් දේවස්ථානයේ සිදුකරන කොඩිය එසවීමේ උත්සවය සිදු කෙරිණි. 


මෙම අවස්ථාව ආගමික සහජිවනය නිරුපණය වන අවස්ථාවකි. බෞද්ධ,මුස්ලිම්,හින්දු, ආගම් වලට අයත් පුජ්‍ය පක්‍ෂ හා බැතිමතුන් එක්වන මෙම පල්ලියේ චාරිත‍්‍රය සෑම වර්ෂයකදීම ඇසළ පෙරහර ආරම්භ වීමට පෙර සිදු කරති.


ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථානය වන කතරගම පුදබිම තුළ බෞද්ධයින්ට, හින්දු සහ මුස්ලිම් ආගම අදහන බැතිමතුන්ට වෙන්වු  ස්ථාන කතරගම පුදබිම තුළ වෙන් වෙන්ව පවති.