කතරගම දේවාලයේ ගිනි පෑගීමේ මංගල්‍යය




(කතරගම කේ. ඩී. දේවප්‍රිය)

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 12  වැනි පෙරහැර මංගල්‍ය අද (01)  රාත්‍රි වීදි සංචාරය කරනු ලබයි. පසුගිය මස 21 වැනි දින කතරගම ඇසළ මංගල්‍ය ආරම්භ වූ අතර ඇසළ මංගල්‍යට සමාගාමීව පවත්වනු ලබන ගිනි පෑගීමේ උළෙල අද (01) උදෑසන සුබ මොහෙතින් සිදු කරන ලදී.

සුළු බැතිමත්හු පිරිසක් පමණක් මෙම ගිනි පෑගීමේ අවස්ථාව සඳහා එක්වූහ.

මෙම අවස්ථාව සඳහා  රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියෝද සහභාගි වූහ. මීට අමතරව  මොණරාගල දිසා ලේකම් කඳවුරු බාර නිලධාරි ගුණදාස සමරසිංහ, කතරගම ප්‍රාදේශීය ලේකම් ඒ.එම්. නන්දසිරි, කතරගම ප්‍රාදේශීය සභාපති චානක අමිල් රංගන සහ පොලිස් ස්ථානාධිපති උපුල් ලියනගම යන මහත්වරුද පැමිණ සිටියහ.