කතරගම පෙරහර දිය කැපීමේ මංගල්‍යයෙන් අවසන් වේ


(කේ. ඩී. දේවපි‍්‍රය සහ එම්.කේ. නන්දසේන) 
 
කතරගම දේවාලයේ දිය කැපීමේ මංගල්‍යය අද (17)  උදෑසන 0.24ට යෙදුණු සුබ නැකතින් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
 
මෙම අවස්ථාව සඳහා හින්දු, බෞද්ධ බැතිමතුන් 10,000 ක් ඉක්ම වූ පිරිසක් මැණික් ගඟ වෙත පැමිණ හරෝ හරා නාදය පතුරවමින් මැණික් ගගේ දිය කැපූ ජලය රැගෙන සිය ගම්බිම් වෙත ගියහ.
 
රුහුණු කතරගම දේවාලයේ ඇසළ උත්සවය දින 14 ක් පුරා පවත්වන අතර, අවසන් මහා පෙරහර දිනට පසු දින මැණික් ගගේ ජීවමාලි තොටුපොළේදී දේව තිරවලින් වටකරන ලද පැලක් වැනි ස්ථානයක දී මෙම දිය කැපීම සිදුකෙරිණි.
 
රටේ වස් දොස් දුරු කර ජනයාට දේව ආශිර්වාදය ලබා ගැනීම හා බව බෝග අස්වැන්න සරුසාර වීම දිය කැපීමේ මංගල්‍යයෙන් බලාපොරොත්තු වේ.