කතරගම පෙරහරට වතුකරයේ ජනතාව පාද යාත්‍රාව අරඹයි


කතරගම පෙරහර සඳහා සහභාගි විමට වතුකරයේ හින්දු භක්තිකයන්  මස්කෙළිය ප‍්‍රදේශයේ සිට කතරගම දේවාලය දක්වා යන පාද යාත‍්‍රාව අද (13) ආරම්භ කැරිණි.

නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය, බුත්තල රක්‍ෂිතයක් හරහා කතරගම දේවාලය දක්වා කිලෝ මිටර් 400 ක් දුර  ගෙවා ඔවුහු ගමන් කරති.

දිනකට කිලෝ මීටර් 40කට ආසන්න දුර ප‍්‍රමාණයක් පාද යාත‍්‍රාවේ ගමන් කරන ඔවුහු රාති‍්‍ර කාලයේ ප‍්‍රධාන මාර්ගය අභියස තිබෙන වෙහෙර විහාරස්ථාන සහ හින්දු කෝවිල්වල ගිමන් හරිති.

ඔවුන් ජුලි 22 වැනි දා  කතරගමට දේවාලයට ළඟා වීමට  නියමිතය.