කතානායක - හිටපු ජනපති අහම්බෙන් හමුවෙති


(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ පියා වූ අභාවප‍්‍රාප්ත ඩී.එම්.පී.බී දසනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එය තැන්පත් කර තිබූ බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවට දේශපාලන ලෝකයේ බොහෝ දෙනෙක් පැමිණියහ.

ඒ අතර කතානායක කරු ජයසූරිය මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දේහයට අවසන් ගෞරව දක්වන්නට පැමිණ තිබුණේ එකම වේලාවකය.

දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු තවත් වේලාවක් එහි රැඳී සිටි කතානායකවරයා හා හිටපු ජනාධිපතිවරයා කතාබහක ද නිරත වී ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා ද මෙම අවස්ථාවේ එහි සිට ඇත.