කතානායක ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති හමුවෙයි


මෑතකදී වැඩ බාර ගත් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය වන ටාන්යා හොන්රයිප් මහත්මිය අද (27) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතා මුණගැසුනාය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිනිය වන ඒවා වැන් වෝසම්ද මහත්මියද එක්වූ අතර කථානායකවරයා විසින් තානාපතිනිය වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.