කම්කරු කොංග්‍රසය හා පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමක


(රංජිත් රාජපක්ෂ)  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබාදීම සදහා වු අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද (18) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කෙරිණි.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් එම පෙරමුණේ සභාපති  ජී.එල් පිරිස් , ලංකා කම්කරු කොංග්‍රසය වෙනුවෙන් එහි නායක නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.

ලංකා කම්කරු කොන්ග්‍රසය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමේ අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වූහ.

ඡායාරූප - ගයාන් අමරසේකර

ඡායාරූප - රංජිත් රාජපක්ෂ