කරුවලගස්වැව ගැමියෝ නෙලී වැවේ ආක්‍රමණික ශාක ඉවත් කරති


(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමාරච්චි)

 කරුවලගස්වැව නෙලී වැව වසාගෙන තිබූ ආක්‍රමණික ජලජ ශාක ඉවත් කිරීම අද (28) ප්‍රදේශවාසීන් එක්ව ආරම්භ කෙරිණි.

වසර 30 කට ආසන්න කාලයක් කිසිදු පිළිසකර කිරීමකට ලක් වී නැති නෙලී වැව පුරා ආක්‍රමණික ජලජ ශාඛ වන සැල්වීනියා, ජපන් ජබර හා තෘණ විශේෂයකින් වැසී තිබූ බව ගැමියෝ පවසති.

කෙසේ නමුත් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැවේ ආක්‍රමණික ජලජ ශාක ඉවත් කිරීම ආරම්භ කර තිබිණි.

මේ සඳහා නෙලී වැව ගොවි සංවිධානයේ ගොවින් හා ගම්වාසින් ස්වේජ්ජාවෙන් තම දායකත්වය දක්වා තිබේ.

ගැමියන් වැවෙන් ගොඩට දමන ආක්‍රමණික ශාක ජේසිබි යන්ත්‍රයක ආධාරයෙන් වැවෙන් ඉවතට ගැනීමට කටයුතු යොදා තිබිණි.