කරුවලගස්වැව ගොවීහු වැසි පතා දෙවියන් යදිති


(ජයරත්න වික්‍රමාරච්චි)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ජලගැලීම් හා නායයෑම් ඇතිවන තරමට පවා වර්ෂාව ඇද වැටුණද රටේ ආහාර නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙන රජරට ප්‍රදේශයට දැනට වසර එකහමාරක පමණ කාලයක සිට පවතින දැඩි නියගය තවදුරටත් පැවතීම හේතුවෙන් ප්‍රදේශයේ ගොවිහු අසරණ වී සිටිති.

නියගය නිසා කන්න තුනක් තිස්සේ එම වගාවන් ඇණ හිට ඇති අතර ප්‍රදේශයේ ජලාශ කීපයක් හැරුණුකොට අන් සියලුම ජලාශ පතුලටම සිඳී ගොස් ඇත. ළිංවල තත්වයද එසේමය. ඔවූහු තවදුරටත් මහවැසි බලාපොරොත්තුවෙන් සිටිති. එහිදී මහවෙහෙරබැඳිවැව ගොවීහු පිරිසක් වැසි ඉල්ලා දේව කන්නලව්වක යෙදුණු අයුරු සහ නෙළුම් අල ගැලවීමට උත්සහ කරන අයුරු දැකගත හැකිවිය.