කල්පිටි කඩොලාන රක්ෂිතය පිරිසිදු කිරිමේ වැඩසටහනක්


 

 

(පද්මා කුමාරී කංකානම්ගේ )

 

ලෝක පරිසර දිනට සමගාමීව කල්පිටිය ප්‍රධාන මාර්ගයට යාබද කඩොලාන රක්ෂිතය පිරිසිදු කිරීමේ වැඩ සටහනක් අද (6) කල්පිටිය කුරුඤ්ඤම්පිටියේ දී පැවැත්විණි.

මධ්‍යම පරිසර අධිකාරීය මගින් සංවිධානය කළ මෙම වැඩසටහනට කල්පිටිය සංචාරක ව්‍යාපාරයේ නිරත වූවන් මෙන්ම විදේශීය සංචාරකයෝ ද  මෙයට සහභාගී වුහ.

කල්පිටිය විජය නාවික නිලධාරීන් මෙන්ම කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් ද මෙම වැඩසටහනට සක්‍රීය දායකත්වය ලබාදුන්හ.