කල්පිටියේ ප්‍රථම චෛත්‍යයට කොත පළඳවති


(පද්මා කුමාරී කංකානම්ගේ) 
 
කල්පිටිය අර්ධද්විපයේ ප්‍රථම චෛත්‍යයේ කොත පැළදවීමේ උළෙල අද (2) දින උත්කර්ශවත් අන්දමින් දලුව ශ්‍රි  සුමනාරමයේ දී සිදු විය. බුද්ධ ශාසන හා අධිකරන නියෝජ්‍ය අමාත්‍ය  සාරතී දුෂ්මන්ත මිත්‍රපාල සහ කල්පිටිය ශාසනාරක්ෂ බළ මණ්ඩලයේ ප්‍රධාන ලේකඛාධිකාරී මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසින් මෙම කොත පළදවන ලදී.
 
පුත්තලම් දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සභාපති වන පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ගේ උපදෙස් මත සිව්මසකින් මෙම චෛත්‍යය ඉදි විය.

මෙම අවස්ථාවට පුත්තලම දිසා ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද ඇතුලු ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරී  ප්‍රභූවරුන් රැසක්ම සහභාගී වූහ.