කල්පිටියේ රාබු විකුණා ගත නොහැකිව කුණු ගොඩට විසි කරයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කල්පිටියේ අර්ධද්විපයේ වගාකර ඇති රාබු වගාව විකුණා ගැනිමට නොහැකිව වළ දමන බව වගාකරුවෝ පවසති.

මෙවර කල්පිටිය අර්ධද්විපයේ දළුව, මාන්පුරිය,නොරෝච්චෝල,ඉලන්තඩිය,ආලංකුඩා,ඇතුළු ප්‍රදේශ ගනනාවක අක්කර 500 කට ආසන්න ප්‍රමාණයක රාබු වගා කර ඇත.

මෙම රාබු වගාවෙන් පසුගිය දින කිපයදි රාබු කිලෝ ලක්ෂ ගනනක් තම වගාවෙන් ගලවා කුණු ගොඩට දැමු බව වගාකරුවෝ පවසති. 

මේ වන විට විශාල මුදලක් වැය කරමින් කළ වගාවන් මෙසේ විනාශ විමට ඉඩහැරිමට සිදුව ඇති බවයි.