කල්පිටියේ වැවකින් අරාබි වැකි සහිත පුවරුවක කැබලි හමුවේ


(පද්මා කුමාරී කංකානම්ගේ)
 
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, ඒත්තාල තාමරම්කුළම් වැවට දමා තිබූ සියුම් කැබැලිවලට කඩා බිද දමන ලද  අරාබි වැකි සහිත පුවරුවක් අද (9)  සොයාගත් බව කල්පිටිය පොලිසිය කියයි.
 
ප්‍රදේශවාසී ජනතාව ලබාදුන් තොරතුරක අනුව මෙම පුවරු සොයාගෙන ඇත.
 
යම් ස්ථානයක සවි කර තබන ලද කළුගලින් නිමවන ලද මෙම පුවරුවේ, ඉංග්‍රීසි බසින් කොටන ලද ශ්‍රී  ලංකා ජම්ම්ත් යන වැකිය පමණක් හඳුනාගෙන ඇති බවද අනෙකුත් අරාබි වැකි හඳුනාගත නොහැකිවන පරිදි ඉතා කුඩා කොටස්වලට කඩා දමා තිබූ බවද පොලිසිය කියයි.

කල්පිටිය නාවුක හමුදා සෙබලු ද මෙම පුවරු පරීක්ෂාවට ලක් කළහ.
 
මෙම ගල් පුවරු පිළිබඳව කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.