කල්පිටියේදී අයාලේ යන කයිට් සර්ෆින්


 

(ජුඩ් සමන්ත,හිරාන් ප්‍රියංකර)

“කයිට් සර්ෆින්” අතීතයේදී ක්‍රියාත්මක වූයේ අරුගම්බේ ප්‍රදේශයේය. නමුත් මෑතකදී කයිට් සර්ෆින් ක්‍රීඩාව කල්පිටිය - තුඩාව  ප්‍රදේශයේ ද ආරම්භ විය.

ඉතාමත්ම සුළුවෙන් ආරම්භ වූ කයිට් සර්ෆින් ක්‍රීඩාව මේ වන විට කල්පිටිය මුහුදු තීරය තුළ ඉතාමත්ම ජනප්‍රිය වී ඇත.

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් විශාල පිරිසක් කල්පිටිය තුඩාව මුහුදු වෙරළේ කයිට් සර්ෆින් ක්‍රීඩාවේ නිරත වන ආකාරයක් දක්නට හැකිය.

නොගැඹුරු මුහුදු තීරයක් තිබීමත්, ප්‍රමාණවත් තරම් සුළං ප්‍රවාහයක් ඇති වීමත් ඊට හේතුව වී ඇති බව කියති.

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)