කලා - බලලු වැව් ජපන් ජබර වලින් පිරී යයි


(කාංචන කුමාර ආරියදාස)

කලා වැව සහ බලලු වැව ජපන් ජබර වලින් පිරී යාමෙන් වැව් දෙකම  අනතුරකට පත්ව  තිබේ.

මේ හේතුවෙන් ධීවර කටයුතුවලට  මෙන්නම සතුන්ගේ දෛනික  ක්‍රියාවලීන්ටද දැඩි හානියක් මෙන්නම බාධාවක්වී ඇතැයි කියති.

එමෙන්ම  මෙම ජපන් ජබර ව්‍යාප්තිය හේතුවෙන් කලා වැවේ නිතර සැරිසරමින් සිටී තුන්සියයකට අධික වන අලි රංචුව ද කලාවැවෙන් නික්ම ගොස් තිබෙන බවත් සතුන්ට හෝ අලින්ට හරකුන්ට ආහාර නොමැති වීමද ජපන් ජබර නිසා බරපතළ ප්‍රශ්නයක් මතුව  තිබේ.
 
කලාවැවේ  මීට පෙර මෙවැනි අවදානමකට ලක් වී නොමැති බවත් මේ  ආකාරයෙන් ජපන් ජබර නැමති ශාකය ව්‍යාප්ත වුවහොත් තවත් වසර කීපයක් ගතවෙද්දී කලාවැව ආශ්‍රිතව ජීවත්වන ජනතාවට පමණක් නොව වැවට ද බරපතල හානි සිදුවිය හැකි බව ධීවර ජනතාව පෙන්වා දෙති.
 


 (ඡායාරූප ඇත)