කලා තරු තුනකට ජනපති අතින් සම්මාන


(අංජුල මහික වීරරත්න)

ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව ප්‍රදානය සහ සතරාවදීපනී ප්‍රණාම උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද පැවැත්විණි.

ප්‍රවාහන මහා මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිෂ්පාදනය  කරන ලද චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සහ එහි රංගනයෙන් දායක වූ ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන් ට මෙහිදී  සම්මාන තිළිණ ප්‍රදානය කෙරිණි.

ජ්‍යෙෂ්ඨ සිනමා සිනමාවෙිදී සිරිල් වික්‍රමගේ, සුද්දිලාගේ කතාව චිත්‍රපටයේ අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක ,සිරිමැදුර චිත්‍රපටයේ අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල මහත්වරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන ලබාගත්හ.