කලා වැවේ මාළු අබිරහස් ලෙස මියයති


(කාංචන කුමාර ආරියදාස)
 
කලාවැවේ සිටින මසුන් දහස් ගණනින් මිය ගොස් ගොඩගසා ඇති බවත් මියගිය මසුන් ප්‍රදේශවාසීහු පැමිණ ආහාර සඳහා රැගෙන යන යති.

වැව අවට මියගිය  මසුන් අතර කොක්කු ,දියකාවන්ගේ සිරුරු කොටස්ද දැකගත හැකිය. මියගිය මසුන් කුණු වී ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද පවතී.

මියගිය මසුන් කරවල වේලීම සඳහා රැගෙන ගිය බව කලාවැවේ ධීවරයෝ කියති .

ලක්ෂ ගණනන් මසුන් මියයන්නේ කෙසේද යන්න තවමත් අනාවරණය කරගෙන නොමැත. 

මේ පිළිබඳව කඩිනමින් අවදානමක් යොමු නොකළහොත් මසුන් ආහාරයට ගන්නා ජනතාවටද හානි දායක විය හැකිය .