කලා වැවේ වාන් දොරටු අරී


(කාංචන කුමාර ආරියදාස)

කන්ද උඩරට ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාවත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැව සම්පූර්ණයෙන්ම පිරීයාමෙන් එහි වාන් දොරටු දෙකක් විවෘත කළ බව කලාවැව වාරිමාර්ග ඉංජිනේරු එම් .එච් .එම් .ආර් .බණ්ඩාර  මහතා පැවසීය.

මේ දිනවල දඹුලු ඔය හරහා කලා වැවට තප්පරයකට ඝන අඩි දහසක ජල ප්‍රමාණයක් එකතු වන බවත් ජලාශයේ වාන් දොරටු විවෘත කර  තප්පරයට ඝන අඩි 1000 ක ප්‍රමාණයක් කලා ඔයට මුදා හැරීමට ඉංජිනේරුවරුන් පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.

මේ දිනවල කලා ඔය පහළ ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවත් කන්ද උඩරට ප්‍රදේශවලට  වැසි ජලය පතිත වූ වූ විට දඹුලු ඔය හරහා කලාවට වැඩි ජලය ප්‍රමාණයක් ලැබුණ හොත් තවදුරටත් වාන් දොරටු විවෘත කිරීම වැඩිවන බවද හෙතෙම අවධාරණය කළේය.