කලාකරුවෝ යුක්තිය වෙනුවෙන් හඬ නඟති


(අංජුල මහික වීරරත්න)

අද මේ භුක්ති විඳිමින් සිටින්නේ යහපාලන රජය පිහිටුවා සැබෑ වෙනස නොකිරීමේ ප්‍රතිඵල යැයි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා යුක්තියේ හඬ ප්‍රාසාංගික වැඩසටහනේදී අද (6) පැවැසීය.

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ පැවැත්වූණු මෙම වැඩසටහන සඳහා කලාකරුවෝ,විද්වත්හු,තරුණ තරුණියන් මෙන්ම දේශපාලඥයන් පිරිසක්ද සහභාගි වූහ.

අද රට මුහුණ දී සිටින ව්‍යසනයට එක්සත් ජාතික පක්ෂයද වගකිව යුතු බව කී කුමාරප්පෙරුම මහතා ජන වරම තේරුම් ගෙන කළ යුතු දේ කළා නම් මේ දේ නොවන බවද කීය.

කලාකරුවන්ගේ ගීත ගායනා සහ සංගීත වැඩසටහන් වලින්ද යුක්තියේ හඬ හැඩ විය.