කළු ඉරිදා දේව මෙහෙයෙන් පසු යුක්තිය ඉල්ලා විරෝධතාවක


(ජයමාල් චන්ද්‍රසිරි)

පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමෙන් කිතුණු බැතිමතුන් හට සාධාරණයක් ඉටුවීමට විරෝධය පාමින් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට අද (7) නිහඬ විරෝධතාවයක් පැවැත්වූහ.

කළු ඉරිදා දිව්‍ය පුජාවෙන් පසුව කිතුණු බැතිමතුහු දේවස්ථානය ඉදිරිපිට විරෝධතා පුවරු අතැතිව මෙලෙස විරෝධතාවය දැක්වූහ.

එම අවස්ථාවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ, භික්ෂූන් වහන්සේලා, කන්‍යා සොහොයුරියෝ ඇතුළු කිතුණූ බැතිමත්හූ එක්ව සිටියහ.