ක්‍රිකට් ක්‍රීඩකයෝ, පුහුණුකරුවෝ දළ‍දා වැඳීමට යති


එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සූදානම අද සිට ඇරඹෙන බවත්, ක්‍රිකට් කණ්ඩායමේ නොයෙක් ආගම් නියෝජන කරන ක්‍රීඩකයන් සිටියද, සියලු දෙනාගේ කැමැත්ත මත රටේ සංස්කෘතියට අනුව දළදා වහන්සේ වැද පුදා ගැනීම සඳහා පැමිණි බවත් නියෝජ්‍ය කථානායක සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය. 

සුමතිපාල මහතා මෙසේ පැවැසූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරයට යාමට පෙර මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේදීය. 
අද සිට දින 6 ක් පල්ලෙකැලේ පුහුණුවීම් කෙරේ. අනතුරුව මේ මස 18 වැනිදා එංගලන්තය බලා පිටත්ව යයි. 

ඡායාරූප - චමිල් රූපසිංහ