කාචය තුළින් ලෝකය දැකීම


මනෝජ් හර්ෂික

තෙවැනි ඇසකින් ලෝකය  නැවුම් ආකාරයට දැකීමට කැමති සමුහයක් එක්වී මුහුණු පොත තුළ නිර්මාණය කළ“ කැප්චර් පොටෝ ක්ලබ්(capture photo club)“නිර්මාණශිලී ඡායාරූපයට ඇළුම් කරන බාල මහලු කාගෙත් ඉමහත් ආකර්ෂණයක් මුහුණු පොත තුළ මේ වන විට හිමි කර ගැනීමට සමත්ව ඇත.


මෙම පිටුව තුළ ආධුනික නිර්මාණකරුවන්ගේ සිට ප්‍රවීණ ඡායාරූප ශීල්පින් දක්වා වු පිරිසක් තම නිර්මාණශිලී හැකියාවන් උරගා බලමින් සිටිති.


ජංගම දුරකතන කැමරාවේ සිට ඕනෑම කැමරාවක් භාවිතා කර මෙම පිටුව සඳහා ඡායාරූප ඉදිරිපත් කළ හැකි අතර නිශ්චල ඡායාරූප මෙන්ම ත්‍රිමාණ ඡායාරූප සඳහා ද  පිටුවේ ඉඩක් වෙන් කර දීමට අධික්ෂණ මණ්ඩලය කටයුතු කර ඇත.


මෙම ඡායාරූප පිටුවට දිනපතා එකතුවන ඡායාරූප හා නිර්මාණ   නිසි ඇගැයීමකට ලක්කොට නිර්ණායකය යටතේ බෙදා පිටුව මඟින් දිනයේ හොඳම ඡායාරූප තුනක් තෝරා  පළකරයි. එසේම මාසයේ හොඳම ඡායාරූපය තෝරා ඒ සඳහා විශේෂ ඇගයීමක් අධීක්ෂණ මණ්ඩලය විසින් සිදු කරනු ලබයි . මෙම නිර්මාණ  සඳහා ඇඩොබි ෆොටෝ ෂෝප්,ඉලස්ටේටර් වැනි මෘදුකාංග ද මේ සඳහා උපයෝගී කරගත හැකිය.


ඡායාරූප ප්‍රදර්ශන පැවැත්වීම,පාසල්වල ඡායාරූප සංගම් පිහිටුවීම සඳහා වැඩමුළු පැවැත්වීම, සිසුන් දැනුවත් කිරීම ආදී ක්‍රියාකාරම්  කිරීමත් කැප්චර් පොටෝ ක්ලබ්හි අපේක්ෂාවකි.

 
පිටුව සඳහා සමාජිකයින් ඉදිරිපත් කළ නිර්මාණාත්මක ඡායාරූප කිහිපයක්.