කාර්යාල දුම්රිය සේවය ඇරඹෙයි


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස 2කට අධික කාලයක් නැවතී තිබූ කාර්යාල දුම්රිය සේවය අද (08) සිට සාමාන්ය  පරිදි ආරම්භ කෙරුණු අතර, සියලු දුම්රියන් නියමිත වේලාවට ගමන් ආරම්භ කෙරිණි.

දුම්රිය ආසන ප්‍රමාණයට වඩා මඳක් වැඩියෙන් මගින් දුම්රියෙන් ගමන් ගන්නා අයුරු දැකගැනීමට හැකි වූ අතර ගම්පහ දුම්රිය ස්ථානයේදී සියළුම මගීන්ගේ උෂ්ණත්වය මැනබලා ඇතුළු කර ගන්නා ලදී.

අද (08) දිනයේ කාර්යාල මගීන් පමණක් දුම්රිය ස්ථානයේදී දැක ගන්නට ලැබිණ. නාවික හමුදා සාමාජිකයන් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තු ආරක්ෂක අංශ සාමාජික සාමාජිකාවන් විසින් ද මගීන් ගේ සෞඛ්යආ පුරුදු කෙරෙහි විමසිලිමත් වන අයුරු ද අද දැක ගත හැකි විය.