කැඩුණූ අමුණ ගොවියෝම හදති


(ප්‍රසන්න පත්මසිරි)

බිබිල කොටගම  හාල්පානුවෙළ වෙල්යායට ජලය ගන්නා කැන්දෙන අමුණ කැඩී මාස කිහිපයක් ගත වෙද්දීත් එය රජයෙන් ප්‍රතිසංස්කරණය නොකළ නිසා ගොවින් එක්ව තාවකාලිකව ඉදිකිරිම් සිදු කර තිබේ.

කොටගම හාල්පානුවෙළ ප්‍රදේශයේ අක්කර 90ක පමණ වී වගා කරන වෙල්යායකට ජලය ගැනීමට ඉදිකර තිබුණ ගල් ඔයේ කැන්දන අමුණ කැඩී වෙල්යාය වියළෙද් දී අමුණ ඉදිකර දෙන්නැයි ගොවීන් බළධාරීන්ගෙන් කිහිපවරක්ම මෙය ඉදිකර දෙන ලෙස ඉල්ලා සිටියත් එය ඉටුකර ගැනීමට නොහැකි වූ නිසා ගම්මානයේ ගොවීන් එක්ව අවශ්‍ය ද්‍රව්‍ය යොදා අමුණ තාවකාලිකව ඉදිකරගෙන ගොවි බිම් වලට ජලය ලබාගැනීමට සමත්විය.

අමුණ ඉදිකිරීමේ කටයුතු සඳහා කොටගම ග්‍රාම නිළධාරී හේමන්ත වික්‍රමසිංහ මහතාගේ දායකත්වය ද ගොවීන්ට ලැබී තිබේ.