කැලණි විහාරයේ සැදැහැවතුන් අඩුවෙයි


(ඡායාරූප - ගයාන් අමරසේකර)

සෞඛ්‍ය අංශ උපදෙස්වලට ගරු කරමින් මෙවර පොසොන් පොහොය දිනයේදී සිය නිවෙස්වලටම වී ආගමික වතාවත්වල නිරතවන ලෙස කළ ඉල්ලීමකට අනුව සහ අද (05) දිනයේදී මුලු දිවයිනටම ඇඳිරිනීතිය පනවා තිබීම නිසා වෙනදාට බෞද්ධ සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගිය කැලණිය රජමහ විහාරයේ සැදැහැවතුන් සිටියේ අතළොස්සක් පමණි.